brand logo

මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්තශාලාව ඉදිකිරීමට අගමැති මුල්ගල තබයි

24 March 2019

මෙරට සිදුකෙරෙන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් සඳහා මුල් ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (24) සිදු කෙරිණි. නව තෙල් පිරිපහදුවේ අක්කර 200ක භූමි භාගයක ඉදිකිරීමට නියමිත අතර මාස 44 ක කාලය තුළ එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත අතර එහි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසු දේශීයව මෙන්ම විදෙස් රටවලට තෙල් අපනයනය කිරීමෙන් මෙරට අපනයන ආදායම බිලියන 7කින් පමණ වැඩි කර ගැනීමට හැකිවනු ඇති බව රජය සඳහන් කරයි. මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 64ක භූමියක් පුරා ඉදිකිරීමට නියමිත සිමෙන්ති කර්මාන්තශාලාව මගින් වසරක් තුළ මෙට්ට්‍රික් ටොන් තුනයි දශම හයක සිමෙන්ති නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ වන අතර එහි ඉදිකිරීම් මාස 18 ක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.
 

More News..