brand logo

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සංවර්ධනයට පියවර

31 August 2020

ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය වන මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයේ ඊයේ(30) දින සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා රාජ්‍ය අමාත්‍ය ඩි.වී .චානක මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ . විශේෂයෙන්ම ඉදිරියේදී සිදුවන සංවර්ධන වැඩ සටහන් වලදී මෙම වියළි කලාපීය උද්භිද උද්‍යානයද ඇතුල් කරගනිම්න් සංචාරක ආකර්ෂණය වැඩි කරන ආකාරයෙන් මෙම උද්‍යානය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව නිරීක්ෂණයට එක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේය. එමෙන්ම පසුගිය ආණ්ඩුව මගින් මෙම හම්බන්තොට නව ආකල්පයකට අනුව ඉදිකරන ලද ප්‍රථම වියලි කලාපීය උද්භිද උද්‍යානය කෙරෙහි අවධානයක් යොමු නොකරමින් කටයුතු කිරීම නිසා මේ තුලින් මෙම උද්‍යානය කෙරෙහි සංචාරක ආකර්ෂණය ගිලිහි ගිය බවත් එම ගිලිහි ගිය දෙස් විදෙස් සංචාරක ආකර්ශනය නැවතත් මේ කෙරහි යෙමු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙලක්ද සකසන බව අමාත්‍ය වරයා මෙහිදී කියා සිටියේය. ලංකාවේ වසර 131කට පසුව 2008 වසරේදී අක්කර 300 පමණ වපසරියකින් යුත් මෙම මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය ආරම්භ කරන ලදී. අජිත් පුෂ්පකුමාර-අම්බලන්තොට
 

More News..