brand logo

මියගිය පුහුණු නියමුවා 23 හැවිරිදි අයෙක්

15 December 2020

අද (15) පස්වරු 1.00 පමණ පුහුණු ගුවන් සැසියක් සඳහා පිටත්ව ගිය PT6 වර්ගයේ ගුවන් යානය ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් යානය ගුවන් ගත වී මිනිත්තු 10 කට පසුව එය රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස් තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 2019 ජනවාරි මාසයේ ගුවන් හමුදාවට පුහුණු ගුවන් නියමුවෙකු වශයෙක් පැමිණි අයෙක් වන අතර 23 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කේ.ආර්.එස් අමරකෝන් නැමැති ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙක්. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කර ඇත්තේ යානය සහ පාලක මැදිරිය සමග තිබූ සබඳතා ඇණහිට තිබූ බවයි. අනතුරුව යානය චීන වරාය විද්‍යාපීඨයේ සිට නාවික සැතපුම් 14 ක් දුරින් කන්තලේ, සූරියපුර ජනරංජන වැව ඉස්මත්තේ පිහිටි ඇළකට කඩා වැටි තිබෙනවා. අනතුර සිදුවූ ස්ථානයට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම්ද යොදවා තිබුනා.
 

More News..