brand logo

මිනුවන්ගොඩ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට

14 May 2019

මිනුවන්ගොඩ හා අවට ප්‍රදේශවල ඊයේ රාත්‍රී ඇතිවූ නොසන්සුන් හා ප්‍රචණ්ඩකාරි සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර විශේෂ අධිකරණ ප්‍රතිපාදන දෙකක් යටතේ මොවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අතර ඒ හදිසි අවස්ථා රෙගුලාසි හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යටතේ වන නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලවය. ඒ යටතේ මෙම සැකකරුවන්ට ඇප ලබා ගැනීමට හැකියාව ඇත්තේ මහාධිකරණයකින් පමණක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සැකකරුවන් 9 දෙනෙකු සහ අද පෙරවරුවේ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..