brand logo

මිනුවන්ගොඩ වෙළඳ සංකීර්ණයක ආසදිතයෝ

29 January 2021

මිනුවන්ගොඩ නගරයේ පැරණි වෙළඳ කිර්ණයේ වෙළඳසැල් කිහිපයක හිමිකරුවන්ට සහ සේවක සේවිකාවන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත. එම නිසා වෙළඳ සංකීර්ණයේ සියලු වෙළඳසැල් වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා අද (29) සඳහන් කර ඇත. ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයේදි එම ආසාදිතයන් පිරිස හඳුනාගෙන ඇත. මේ වන විට වෙළඳසැල් වසාදමා පැරණි වෙළද සංකීර්ණයට ඇතුළු වීමට නොහැකි වන සේ ආවරණය කර ඇත. එම වෙළඳ සංකීර්ණයේ සිටි අයවලුන් සම්බන්ධයෙන් පලාත් බාර මහජන සෞඛ්‍යය පරික්ෂක වරුන්ව දැනුවත් කිරීම සදහා කටයුතු කරමින් සිටින අතර වෙළඳසැල්වල සේවය කල සේවක සේවිකාවන් සහ හිමිකරුවන්ට තමනිවෙස් වල නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී ඇත.
 

More News..