brand logo

මිනුවන්ගොඩ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වසාදමයි

31 January 2021

  කොවිඩ් ආසදිතයකු හඳුනා ගැනීම නිසා මිනුවන්ගොඩ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර රන්දෙණිය මහතා සඳහන් කර ඇත්තේ අද (31) එම රාජ්‍ය බැංකුව වසා දැමූ බවයි. සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනයට යොමු කර ඇත. එසේම මේවන විට නිරෝධායනයට යොමු කළ එම සේවක සේවිකාවන් සම්බන්ධයෙන් ඔවුන් පදිංචි ප්‍රදේශවල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් දැනුවත් කර පී.සී.ආර් පරික්ෂණ සිදු කරනු ලබන බවත් පැවසෙනවා.
 

More News..