brand logo

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාවටත් කොරෝනා යයි

08 October 2020

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන් සියලු දෙනාගේ පී සී ආර් පරීක්ෂණ පවත්වා ඔවුන් අවශ්‍ය වන පරිදි නිරෝධායනයට යොමු කිරීම හෝ වෙනත් අවශ්‍ය පියවර ගැනීමට නියමිතයි. ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා පුද්ගලයා ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් , ඔහුගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු වේ. එම තරුණයාට ද කොවිඩ් -19 වෛසරය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ. මිනුවන්ගොඩ පොලිසියේ මෙන්ම ඇදිරිනීතිය හේතුවෙන් වාර්තා කළ වෙනත් පොලිස් ස්ථානයන්ට අයත් පිරිස්ද මෙම ආපන ශාලාව ප්‍රයෝජනයට ගෙන ඇතැයි ද මේ වන විට හෙළිවී තිබේ.
 

More News..