brand logo

මිනුවන්ගොඩ පොලිසිය වහයි

08 October 2020

මිනුවන්ගොඩ පොලීසිය අද (08) දහවල් තාවකාලිකව වසා දමා ඇති බව වාර්ථා වෙයි. මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීම හේතුවෙන් මෙලෙස මිනුවන්ගොඩ පොලීසිය තාවකාලිකව වසා දමා ඇත. ඔහුට කොවිඩ් -19 රෝගය වැළඳී ඇත්තේ ඔහුගේ පුතාගෙන් බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන අතර ඔහුට ද වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මේ වන විට මිනුවන්ගොඩ පොලීසියේ සිටි නිලධාරීන් සියලුදෙනා නිරෝධායනයට යොමුකර ඇත. මිනුවන්ගොඩ පොලිසියෙන් සිදුකරන මහජන කටයුතු ගම්පහ පොලිසියට යොමු කර ඇතැයි වාර්ථා වෙයි.
 

More News..