brand logo

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර නිර්මාණය වූයේ කෙසේද?

08 October 2020

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කාන්තාවකට පසුගිය 04 වන දින කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගත් අතර ඉන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී එම ආයතනයේ තවත් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගන්නා ලදි. මෙරට සමාජය තුළ සිටි කොවිඩ් 19 රෝගියෙකුගෙන් අදාළ කර්මාන්ත ශාලාවේ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමට කිසිදු හැකියාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මිනුවන්ගොඩ ඇඟලුම් කාර්මාන්ත ශාලාව ආශ්‍රීතව හඳුනාගත් කොවිඩ් 19 පොකුර විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකු හෝ පිරිසකගේ අතපසුවීමකින් බිහිවන්නට ඇති බව යුද හමුදාපතිවරයා පවසයි. කෙසේවෙතත් ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් නිරෝධායනය නොවී අදාළ කර්මාන්ත ශාලාවේ සේවයට පැමිණ ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ(07) සඳහන් කළේය. රට තුළ පවතින වාතාවරණය හමුවේ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීමේ කටයුතු ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
 

More News..