brand logo

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ 186ක් සුවය ලබයි

22 October 2020

මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පළමු ආසාදිත කාන්තාව වාර්තා වු දින සිට අද දක්වා වු කාලය තුළ එම පිරිස සුවය ලබා ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියේය. “පළමු ආසාදිතයා 3 වෙනිදා වාර්තා වෙලා 5 වෙනිදා ඉදලා මේ අයවලුන් අපි නිරෝධායනය සහ රෝහල් ගත කිරීම් කළා පළමු කාන්තාව. ඊයේ රාත්‍රීය වන විට ඒ හමුවු ආසාදිතයින්ගෙන් පළමුවෙන් 27 දෙනෙක්, පෙරේදා දවසේ 119 දෙනෙක් හා ඊයේ දිනයේ දී 40 දෙනෙක් මේ ආකාරයෙන් සම්පූර්ණයෙන් සුවය ලබලා මේ මිනුවන්ගොඩ පොකුරෙන් ඔවුන් නිවෙස්බලා ගිහින් තියෙනවා. පොදුවේ බැලුවහම සම්පූර්ණ ආසාදිතයින් නෙමෙයි දින 20ක් යද්දි මොවුන් සම්පූර්ණයෙන් සුවය ලබලා නිවෙස් බලා ගිහින් තියෙනවා.“ යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 57 දෙනෙකු හඳුනාගැනීමත් සමග මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2,508 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..