brand logo

මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7කට ඇප

12 June 2019

මිනුවන්ගොඩ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 7දෙනෙකුට ඇප ලබාදීමට අද (12) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තවත් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැති බැවින් එළඹෙන 19 වැනිදා දක්වා ඔවුන් දෙදෙනා යළි රිමාන්ඩ් කිරීමටද නියෝග කළේය. පසුගිය දිනවල මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය පාලනය කිරීමට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
 

More News..