brand logo

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ තවත් සේවිකාවන් දෙදෙනෙකුට කොවිඩ්

05 October 2020

  කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගෙන ඇත. මේ බව අද දින (05) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කරනවා. මෙම සේවිකාවන් දෙදෙනා එම ඇඟළුම් කම්හලේ ප්‍රථමයෙන්ම වාර්තාවූ සේවිකාව සමීපව ඇසුරු කරන ලද අය බව සොයාගෙන තිබෙනවා. මොවුන් නාරම්මල ගලහිටියාව සහ කුලියාපිටිය නක්කාවත්ත බරිගොඩ පදිංචිකාරියන් බව වාර්තාවේ. මොවුන් දෙදෙනා කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් උණ රෝහල වෙත යැවූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පවසනවා. මොවුන් දෙදෙනාට අමතරව මේවනවිට එම ඇඟළුම් කම්හලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හා සමීපව ඇසුරු කරන ලද තවත් පුද්ගලයන් සිවු දෙනෙකුද පීසීආර් පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවද පැවසේ.
 

More News..