brand logo

මිනීමැරුම් විසි ගණනකට චූදිත අපරාධකරුගේ ගෝලයෝ බරටම වැඩ

31 July 2020

මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ මැතිවරණ මෙහෙයුම් මැදිරිය වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරය බවට තොරතුරු අනාවරණය වේ. මිනීමැරුම් විසි ගණනකට චෝදනා එල්ල වී ඇති ප්‍රබල අපරාධකරුවකු බන්ධනාගාරගතවී සිට එම අපේක්ෂකයාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. මෙම අපරාධකරු තම ගෝලබාලයන් මෙහෙයවමින් කොළඹ කේන්ද්‍ර කරගත් රැස්වීම් හා ප්‍රචාරක කටයුතු සංවිධානය කරන බවත් අපේක්ෂකයා හා දුරකතනයෙන් සම්බන්ධ වන බවත් හෙළි වී ඇත. ‘‘මට ඕනෑ සල්ලි විතරයි. මම ගෝලයෝ දම්මලා වැඩේ කරලා දෙනවා.’’යැයි කියමින් මෙම අපරාධකරු බන්ධනාගාරයේ පාරම් බෑමට ද පටන්ගෙන ඇත. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..