brand logo

මිනීපෙට්ටි නිකන් දෙන්න ගිය පදනමට තර්ජන

02 December 2020

කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් අයගේ දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළකරන කණ්ඩායමක් තමාට තර්ජනය හා බලපෑම් කරන බවට සිහාරා ජනාසා (අවමංගල්‍ය) පදනමේ සභාපතිවරයා පෑලියගොඩ පොලිසිය වෙත ඊයේ (01 වැනිදා) පැමිණිල්ලක් කර ඇත. කොවිඩ් වැලඳී මියයන පුද්ගලයන් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශය මත තම පදනම මගින් සමාජ සත්කාරයක් වශයෙන් මිනීපෙට්ටි පිරිනමන බවත් මෙසේ මීනීපෙට්ටි පිරිනොනමන ලෙස ඉහත පිරිස් තර්ජනය කරන බවත් එම පදනමේ සභාපති එස්.එච්.එම්. රිස්වාන් ඊයේ ‘අරුණ’ට පැවසීය. මියගිය කොවිඩ් රෝගීන් 24 දෙනකු වෙනුවෙන් දැනටමත් මිනී පෙට්ටි පරිත්‍යාගය කර තිබෙන බව ඔහු කියයි. තම සමාජ සත්කාරය මුස්ලිම් ජනතාවට පමණක් සීමා වී නැති බවද හෙතෙම කියා සිටී. කොවිඩ් ආසාධිත මුස්ලිම් මරණ ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන්න තීරණය කළ යුත්තේ අධිකරණය මිස තමා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොවන බැවින් මුස්ලිම් ජනතාව පලිහක් කරගත් දේශපාලන සම්බන්ධයක් ඇති මුස්ලිම් කිහිප දෙනකු තමාට මෙම තර්ජනය කරන බවත් සභාපතිවරයා කියයි. එෆ්. අස්ලම්
 

More News..