brand logo

මිනිස් ඇටසැකිළි හමුවූ ස්ථානයේ අධිකරණ නියෝගයෙන් කැනීම් ඇරඹේ

01 January 2021

      මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් බල ප්‍රදේශයේ නාවල්කාඩු ප්‍රදේශයේ අතහැර දැමු ඉඩමක තිබී සොයාගනු ලැබූ ඇටසැකිලි තිබූ ස්ථානය වැඩිදුර කැනීම් කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එන්.සුදර්සන් මහතා නියෝග කර තිබේ. ඒ අනුව අද (01) දිනයේ අදාල ඉඩමේ තිබූ ළිඳක් තුල කැනීම් සිදු කර තවත් මිනිස් ඇටසැකිලි බවට සැකකෙරෙන ඇටසැකිලි තොගයක් මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා පොලීසීයේද සහයෙන් මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොඩගනු ලැබුවා. සොයාගත් මිනිස් සිරුරු ඇටසැකිලි කොටස් වැඩි දුර පරීක්ෂණ සඳහා මුලතිව් අධිකරණ වෛද්‍යවරයා වෙතට යොමු කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. අදාල ස්ථානයට ගවයන් දක්කාගෙන ගිය කාන්තාවකට පළමුව මිනිස් හිස් කබලක් හමුවීමෙන් ඒ බව පොලීසියට තොරතුරු ලබාදී තිබුණා. මෙය මනුෂ්‍ය ඝාතනයක් ද නොවෙසේනම් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මුල්ලියාවලෙයි පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.
 

More News..