brand logo

මිනිස්සු මාලු ගන්නේ නැතැයි වෙළෙන්දෝ කියති

08 June 2021

පසුගිය දිනක සාගරයේදී අනපේක්ෂිත ලෙස ගිනිගැනීමකට ලක්වූ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් ජනතාව මාළු මිලදී ගැනීමේ යම් අඩුවක් ඇති බව බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ මත්ස්‍ය වෙළෙඳාමේ නිරත වෙළඳුන්ද සඳහන් කරයි. අද දින (08) දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන විවෘත ව පැවතුන අතර ඒ අනුව අද මෙන්ම හෙට දිනයේදීත් (09) පිළියන්දල බෝකුන්දර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තොග වෙලඳාම සඳහා විවෘත ව පවතී. අද දින බෝකුන්දර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘතවීමෙන් අනතුරුව පොල්, එළවළු, හාල්, කරවල, මාළු, කුකුල් මස්, බිත්තර තොග නිසි පරිදි එම ස්ථානයට ලැබී තිබු අතරම එහි වෙළෙඳාමේ නියුතු වෙළඳුන් සඳහන් කලේ රජයේ නියමයෙන් විවෘත කර තිබූ පසුගිය දින කිහිපයට වඩා අද දින තොග වෙළෙඳාම හොඳ මට්ටමක පැවති බවය. කෙසේ වෙතත් මත්ස්‍ය වෙළෙඳාමේ තරමක අඩුවක් ඇති බව මත්ස්‍ය වෙළෙඳාමේ නිරත වෙළඳුන් සඳහන් කර සිටියේය. දිනේෂ් රූපසිංහ - පිළියන්දල
 

More News..