brand logo

මින්නේරිය වනජිවී නිලධාරින්ට හයිය පෙන්වූ 12ක් අත්ඩංගුවට

29 August 2018

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හබරණ පොලිසීය පවසයි. අදාළ පහරදීම සම්බන්ධයෙන් ඊයේ(28) පෙරවරුවේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු 10 දෙනා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මුලින් අත්ඩංගුවට ගත් දෙදෙනා හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සෙසු සැකකරුවන් 10 දෙනා අද(29) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 26 වනදා මින්නේරිය ජාතික විනෝද්‍යානය තුළට නීතිවිරෝධී ලෙස  ඇතුඵවී මින්නේරි වැවේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ධීවරයින් පිරිසක් පැමිණ එම වනජිවී නිලධාරින්ට පහරදී අදාළ පුද්ගලයින් දෙදෙනා රැගෙන ගොස් තිබුණි.  
 

More News..