brand logo

මිද්දෙණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

03 March 2020

මිද්දෙණිය දඹේතලාව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද (03) දහවල් 1.10ට පමණ දඹේතලාව ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගිවී නැවත යමින් සිටි පුද්ගලයෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසයි සදහන් කළේය. වෙඩි තැබූ පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරු අනාවරණය වී නොමැති අතර, මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ඇති.
 

More News..