brand logo

මිකී ආතර් ලැබූ පරාජයට හේතු කියයි

25 June 2021

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තරගාවලිය පරාජයට පත්වීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

මිකී සදහන් කළේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ එංගලන්ත කණ්ඩායම පළමු ස්ථානයේ රැදී සිටින නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායම 9වන ස්ථානයේ පසුවන බවයි.

"ඔබට වෙනස පේනවද ?" මිකී ඇසුවේය.

එංගලන්ත පන්දු යවන්නන් ලොව විශිෂ්ඨ පන්දු යවන්නන් බවත්, ශ්‍රී ලංකා පිතිකරුවන් කළ යුත්තේ ඔවුන්ගේ පන්දු වලින් ආරක්ෂාවීම බවද මිකී සදහන් කරයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තරුණ ක්‍රීඩකයින් වන අතර, ඔවුන් සෑම තරගයකින්ම අත්දැකීම් ලබාගන්නා බව මිකී ආතර් වැඩිදුරටත් මාධ්‍ය වෙත පැවසීය.
 

More News..