brand logo

මැ.කො. සභාපති ධුරයෙන් ඉවත් වෙන්න යයි

08 November 2019

මානසික ආතතිය සදාකාලික වදයක් වීම හේතුවෙන්, සභාපති ධුරයෙන් ඉවත්ව සාමාජික ධුරයේ පමණක් තවදුරටත් කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු තමන් මෙම තීරණයට එළඹෙන බව සභාපතිවරයා සඳහන් කරයි. සභාපති ධුරයේ ලබන වසරේ නොවැම්බර් 14 වන දින දක්වා කටයුතු කළ හැකි බවද ඔහු පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ කටයුතු කිරීමද ආතතියක් බව හැඟී ගියහොත් එම තනතුරෙන්ද ඉවත් වන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවීම පීඩනයක් බවද ඔහු පෙන්වා දෙයි. තනතුරෙන් විශ්‍රාම යාමෙන් පසු රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට අවධානය යොමු කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. උදයජීව ඒකනායක
 

More News..