brand logo

මැලේසියාවත් ජයගත් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ පෙරමුණටම

17 September 2018

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මක පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය යටතේ මැලේසියාව සමග පැවැති තරගයෙන් තරග වට 3-0 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව කාණ්ඩ දෙකකින් යුක්තව තරග පැවැත්වෙන මෙම තරගවලියේ තමන් ඇතුළත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය. ආරම්භයේ පටන්ම තරගයේ ග්‍රහණය තමන් වෙත රඳවාගත් ශ්‍රී ලංකාව එම පළමු වටයේදී ලකුණු 25-16 ක පහසු ජයක් ලැබීය. දෙවැනි වටයේදී ප්‍රතිවාදීන් ලකුණු 18 ක් රැස්කරගන්නා අතරවාරයේදී ලකුණු 25 ක් සමගින් එම වටය ජයගත් ශ්‍රී ලංකාව තෙවැනි වටය ලකුණු 25-23ක් ලෙසින් ජයගෙන තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි තරගයෙන්ද තරග වට 3-0ක ජයක් වාර්තා කළේය. ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය සවුදි අරාබිය සමගින් අද ප.ව. 6.30 ට පැවැත්වේ.
 

More News..