brand logo

මැලේරියා ඇලෙන් මැගසින් සහ ජීව උණ්ඩ මතුවෙයි

25 July 2019

පුත්තලම පොලීසිය ආසන්නයෙන්ම ගලා බසින මැලේරියා ඇලේ තිබී ටී 56 ගිනි අවියට යොදන මැගසින් 03 ක් සහ ජීව උණ්ඩ 30 ක් හමුවී ඇති බව පුත්තලම පොලීසිය කියයි. අද  (25) පෙරවරුවේ පුත්තලම නගර සභාවේ සේවකයින්ට මෙම මැගසින් සහ ජීව උණ්ඩ හමුවී ඇත.පසුව ඔවුන් මේ බව පුත්තලම පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.නගර සභා සේවකයින් මැලේරියා ඇලේ ඇති කසල ඉවත් කිරීමට යාමේදී ඒවා ජීව උණ්ඩ හමුවී ඇති බව පොලීසිය කියයි. මෙම මැලේරියා ඇලේම තිබී සක්‍රීය තත්ත්වයේ පසුවන ටී.56 ගිනි අවි 02 ක් පසුගිය මැයි මස 04 වැනිදා සොයා ගන්නා ලදි. එම කාලයේ ආරක්ෂක අංශ විසින් පුත්තලම නගරයේ නිවාස සෝදිසි කිරීමක්ද සිදු කරන ලදි. ජුඩ් සමන්ත
 

More News..