brand logo

මැලේකොළණියට සංචරණ සීමා පනවයි

22 January 2021

අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයට අද (22) උදෑසන සිට සංචාරණ සීමා පනවා ඇත. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා පැවසුවේ මැලේකොළණිය ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 34දෙනෙකු වාර්තාවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. දැනට සංචරණ සීමා පනවා ඇති මෙම ප්‍රදේශය ඉදිරියේදී හුදකලා කිරීම සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිත බව ඒ මහතා සදහන් කළේය. සංචරණ සීමා පනවා ඇති මෙම ප්‍රදේශයට ඇතුළුවන ස්ථාන 6කම පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
 

More News..