brand logo

මැලිබන් සහ රතු කුරුස සමාජය එක්වී දරුවන් ආරක්ෂා කරගැනීමේ වැඩසටහනක්

25 August 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන් සමාගම ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග එක්වී, මෙරට දරුවන් COVID-19 වසංගතයෙන් ආරක්ෂා කරගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. තෝරාගත් පාසල්වල ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, මෙරට ජනතාවට මෙම වසංගතයෙන් මිදීම සඳහා අත්වැලක් සැපයීමට මැලිබන් සමාගම දරන අඛණ්ඩ උත්සාහයක නවතම ඉදිරි පියවරකි. මීට ඉහතද මැලිබන් සමාගම ඇඳිරිනීතිය පැවති කාලයේදී ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) වෙත ශීතකරණ පහසුකම් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කළේය. මීට අමතරව එම විද්‍යායතනය වෙත සිය නිෂ්පාදන පරිත්‍යාග කිරීම ‘මනුසත් දෙරණ’ වැඩසටහනට දායක වීම සහ රජයේ COVID-19 අරමුදලට රු. මිලියන 10 ක් පරිත්‍යාග කිරීම වැනි සද්ක්‍රියාවන්ද මැලිබන් සමාගම විසින් සිදුකරන ලදී.   * ඡායාරූපය ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා විසින්, අත්සන් තැබූ එකඟතා ගිවිසුම මැලිබන් බිස්කට් මැනුෆැක්ටරීස් (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය සහ එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවි ජයවර්ධන මහතා වෙත භාරදුන් අවස්ථාව
 

More News..