brand logo

මැර ප්‍රහාරයට එරෙහිව වන්නිල ඇත්තන් ජාත්‍යන්තරයට

16 February 2020

“අපේ පරම්පරාවේ  සෑම ගමකම සෑම නායකයෙක්ටම ඒ ගම් ආරක්ෂා කරගන්න බලය අයිතිය තියෙනවා. ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවානම් ඒ පිළිබද කථා කරන්න අයිතිය ගම්වල සියලු නායකයන්ට තියෙනවා.  එහෙම කථා කරම ඒ නායකයන්ට මරණීය තර් ජන හා ප්‍රහාරයන් එල්ල වෙනවානම් එතැන සාධාරණයක් නෑ. මේ රටේ  වත්මන් නායකයෝ මේ අවස්ථාවේදී කොහොමද කටයුතු කරන්නේ කියලා මම බලාගෙන ඉන්නවා . අපේ  අදිවාසී පරපුරට මේ එල්ල කල මේ ප්‍රහාරය පිළිබදව මම ජාත්‍යන්තරයත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා “ යැයි මාධ්‍ය හමුක් කැදවමින් ආදිවාසී නයක, විශ්ව කීර් ති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, බිබිල රතුගල ගම්මානයේ නායක සුදාවන්නිලා ඇත්තන්ට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්දයෙන් ඊයේ ( 16) දහවල් දඹාන කොට බකිණිය ගම්මානයේදී     අදහස් දැක්වීය.

මගේ වරිගේ අය දිස්ත්‍රික්ක 6ක, ගම් 62ක ඉන්නවා. ඒ ගම් 62 නායකයන් 62ක් ඉන්නවා. 15 හවස මට ආරංචි උනා බිබිල රතුගල ගම්මානයේ ආදිවාදසී නායක සුදා වන්නියා ඇත්තන පහරදීමක් වෙලා තියෙනවා කියලා. නායකතුමාගේ බිරිද තමයි මාව දැනුවත් කලේ.

ඊට පස්සේ මම ඒ පිළිබද කරුණු සොයා බැලුවාම මට ආරංචි උනේ මන්ත්‍රිවරයෙක්ගේ ලේකම් කෙනෙක් තමයිමේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ කියලා. ඒකට හේතු මොනවාද කියලත් මම අහලා හොලායා බැලුවා.

මම දැනත්ත කරුණ තමයි, සුදා වන්නියා ඇත්තන්ගේ වත්තේ මිදුලෙන් පාරක් ඉල්ලලා තියෙනවා ඇළේ වැලි ගොඩදාන්න වාහන ගෙනියන්න. ඒ ඇත්තෝ ඒ  ප්‍ර දේශයේ සිදුවන පරිසර හානි පිළිබද මීට පෙරත් කථා කරලා තියෙනවා. වැලි කැණිම් වලින් විශාල පරිසර විනාශයක් සිදුවෙනවා. ඉවුරු සෝදාපාලුවෙලා විශාල වෘක්ෂ විනාශයට පත්වෙනවා කියලා  ඇළේ වතුර හිදෙනවා කියලා මාධ්‍යටත් කථා කරලා තිබුනා.

එහෙම කථා කරා කියලා තමයි මන්ත්‍රීවරයෙකුගේ ලේකම් විසින් මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ.

අද දවස වෙනකොට මුලු ලෝකයම කථාවෙනවා පරිසරය විනාශ වෙනවා දූෂණය වෙනවා මිනිසුන්ට ජීවත්වෙන්න ඉන්න හිටින්න බැරි තත්වයක් ඇතිවේගෙන යනවා කියලා. අපේ රටේ ආන්ඩුවේ ලොකු ලොකු අයත් මේ පරිසරය ගැන ලොකුවට කථා කරනවා.  පරිසරය ආරක්ෂා කරනවා කියලා කියන්නේ නගරයම සුද්ධ පවිත්‍ර කරනවා කියන එක නෙවෙයි.  පරිසරය කියන්නේ මේ කැළැව, ඇළ, දොළ ගංගා කඳු මේ ආදි සෑම දෙයක්ම මේ පරිසරයට ස්වාභාදහමට අයත් දේවල්. මේවා තමයි ආරක්ෂා වෙන්ඩ ඕන. අපේ ජනවරිගය මේවා ආරක්ෂා කර ගනිමින් තමයි කැළෑවල ජීවත් උනේ. අද දියුණුයි කියන මේ සමාජයේ මිනිසුන්ට වැඩියෙන්ම ආදායම් ලබන ව්‍යාපාරය බවට පත්වෙලා තියෙන්නේ “වැලි“ .  මේ අපේ ගම්වලත් ඇළ දොළවල් වල හොරට  වැලි ජාවාරම් ජයට කෙරෙනවා.

වැලි ජාවාරම් ගැන කථා කරා කියලා බිබිල ආදිවාසී නායක සුදා වන්නියා ඇත්තන්ට පහරදීලා , මරණ තර් ජන කරනවානම් එය අපේ ආදිවාසී පරම් පරාවටම සිදු කල ලොකු නිග්‍රහයක්.

මේ රටේ පාලකයන් අපේ පරම්පරාව පරිසරය ගැන කථා කරනවානම් මේවාට නීතිය නිසි අයුරින්ම ක්‍රියාත්මක වෙන්න ඕන. බලවතාට එක නීතියක් දුප්පතාට එක නීතියක් ලෙස රටේ නිති දෙකක් ක්‍රියාත්මක වීම කොහොමත්ම සිදුවිය යුතු නෑ.

මම දැනගත්ත විදියට පොලිසියෙන් සුදාවන්නියා ඇත්තන්ගේ බිරිදගෙන් කටඋත්තරයක් පමණක් ලබාගෙන තිබුනත් අනෙකුත් නීති කටයුතු අත් අඩංගුවට ගැනිම් තාමත් සිද්ධ වෙලා නෑ කියලයි මට ආරංචි.

මේ ගැන  සොයා බලා රට පාලනය කරන නායකයෝ ප්‍රහාරයට ලක්වෙච්ච සුදාවන්නියා ඇත්තන්ට සාධාරණයක් ඉටු කරන්න කියලයි මගේ ඉල්ලිම.

මේ ගැන කථා කරන්න පුලුවන් සෑම තැනටම මම කථා කරනවා සාධාරණය ඉටු කරන්න කියලා. ජාත්‍යන්තරයටත් මේ ප්‍රහාරය සම්බන්දයෙන් දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. සුදාවන්නියා ඇත්තන්ට පමණක් නෙවෙයි අපේ පරම්පරාවේ  සෑම ගමකම සෑම නායකයෙක්ටම ඒ ගම් ආරක්ෂා කරගන්න බලය අයිතිය තියෙනවා. ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවානම් ඒ පිළිබද කථා කරන්න අයිතිය ගම්වල සියලු නායකයන්ට තියෙනවා.  ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවානම් ඒ පිළිබද කථා කරන්න අයිතිය ගම්වල සියලු නායකයන්ට තියෙනවා.  එහෙම කථා කරම ඒ නායකයන්ට මරණීය තර් ජන හා ප්‍රහාරයන් එල්ල වෙනවානම් එතැන සාධාරණයක් නෑ. මේ රටේ  වත්මන් නායකයෝ මේ අවස්ථාවේදී කොහොමද කටයුතු කරන්නේ කියලා මම බලාගෙන ඉන්නවා .  යැයි ප්‍රකාශ කර සිටියේය.

මහියංගණ - රංජිත් කරුණාවිර
 

More News..