brand logo

මැයි 31 දක්වා ඔබට කළ නොහැකි දේවල්

13 May 2021

මැයි 31 දක්වා ඔබට කළ හැකි දේවල්

> එක් නිවසකින්, නවාතැනින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක් දිනයකදී නිවසකින් පිට වීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයකුට පමණි. එය තීරණය වනුයේ එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකයෙහි අවසාන ඉලක්කම මතයි. අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදී ද එය ඔත්තේ අංකයක් නම් ඔක්තේ දිනවලදී ද නිවසින් පිටව යා හැක. අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සැලකේ. රාජකාරි කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙය අදාළ නොවේ. > පොදු ප්‍රවාහන සේවය බස් රථයේ, දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ඇත. > පෞද්ගලික කුලී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙකකට සීමා වන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාව දක්වා සීමා වේ. > උපයෝගිතා සේවා - විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්පී ගෑස් ස්ථාන, මෝටර් රථ ගරාජ, ටයර් සේවා සහ තැපැල්, කුරියර් සේවා අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමට අවසර ඇති අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතුය. > රජයේ කාර්යාල අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් යටතේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කරන චක්‍රලේඛනයට අනුව ක්‍රියාත්මක විය යුතුය. > පෞද්ගලික අංශයේ කාර්යාල අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමට අවසර ඇති අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතුය. > රැස්වීම ආයතනයේ සේවකයන් පමණක් උපරිමය පුද්ගලයන් 10කට සීමා කොට අත්‍යවශ්‍ය රැස්වීම් පැවැත්වීමට අවසර ඇත. > අපනයන අරමුණු කරගත් කර්මාන්ත (ඇඟලුම්, කෘෂිකාර්මික නිෂ්පාදන, යනාදිය) ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ‘‘ජෛව ආරක්ෂිත බුබුළ’’ යන සංකල්පය යටතේ ක්‍රියාත්මක විය යුතුය. බාහිර පුද්ගලයන්ට ඇතුළු වීමට අවසර නැත. (ආරක්ෂිත ප්‍රවාහන ක්‍රමයක් / නවාතැන් පහසුකම සේවකයන්ට ලබා දිය යුතුය.) > සුපිරි වෙළෙඳසල් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැක. පුද්ගලයකුට ඇවිදීමට හැකි ඉඩ ප්‍රමාණය 1.5m2 ක් ප්‍රමාණවත් යැයි සැලකිය හැකිය. කොවිඩ් 19න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතුය. > සාප්පු සංකීර්ණ සාප්පු සඳහා වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළුකර ගත හැක. පුද්ගලයකුට ඇවිදීමට හැකි ඉඩ ප්‍රමාණය 1.5m2 ක් ප්‍රමාණවත් යැයි සැලකිය හැකිය. කොවිඩ් 19න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතුය. සාප්පු සංකීර්ණයේ තුළ / පිටත පුද්ගලයන් රැස්වීම සහ විනෝදාස්වාදයන්ට අවසර නැත. > මූල්‍ය ආයතන (බැංකු, මූල්‍ය සමාගම්, උකස් මධ්‍යස්ථාන ආදිය) වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැක. පුද්ගලයකුට ඇවිදීමට හැකි ඉඩ ප්‍රමාණය 1.5m2 ක් ප්‍රමාණවත් යැයි සැලකිය හැකිය. කොවිඩ් 19න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතුය. > රෙදි පිළි සාප්පු වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැක. පුද්ගලයකුට ඇවිදීමට හැකි ඉඩ ප්‍රමාණය 1.5m2ක් ප්‍රමාණවත් යැයි සැලකිය හැකිය. කොවිඩ් 19න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතුය. > කෘෂිකර්මාන්තය සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකි අතර DreAMවලට තරයේ අනුගතව කටයුතු කළ යුතුය. > සිල්ලර වෙළෙඳසල් / කඩ වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැක. පුද්ගලයකුට ඇවිදීමට හැකි ඉඩ ප්‍රමාණය 1.5m2 ක් ප්‍රමාණවත් යැයි සැලකිය හැකිය. කොවිඩ් 19න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතුය. > විවෘත වෙළෙඳපොළ / පොළවල් (Open market/fairs) ආර්ථික මධ්‍යස්ථාන වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් සිටිය යුතු අතර කොවිඩ් 19න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතුය. > බේකරිය, වීදි වෙළෙන්දන්, බාබර් සහ රූපලාවණ්‍යාගාර, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, ඉදිකිරීමේ ද්‍රව්‍ය වෙළෙඳසල්, රෙදි සේදීමේ ස්ථාන, මැහුම්කරුවන් සහ ඇඳුම් මසන්නන්, සන්නිවේදන වෙළෙඳසල් / ඡායා පිටපත් සාප්පු වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැක. පුද්ගලයකුට ඇවිදීමට හැකි ඉඩ ප්‍රමාණය 1.5m2 ක් ප්‍රමාණවත් යැයි සැලකිය හැකිය. කොවිඩ් 19න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතුය. > ජංගම වෙළෙන්ඳන් අවසර ලබා දී ඇත. ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට සහ DreAMවලට තරයේ අනුගතව කටයුතු කළ යුතුය. > ඉන්ධන පිරවුම්හල් අවසර ලබා දී ඇත. DreAMවලට තරයේ අනුගතව කටයුතු කළ යුතුය. > ඉදිකිරීම් ස්ථාන අවසර ලබා දී ඇත. DreAMවලට තරයේ අනුගතව කටයුතු කළ යුතුය. > අධිකරණ වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට පුද්ගලයන් සිටිය යුතු අතර ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතුය. > සෞඛ්‍ය අංශ රජයේ රෝහල්, පුද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවා ඇතුළුව දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව, අවශ්‍ය කාර්යමණ්ඩලයක් යටතේ සේවා අවශ්‍යතාව අඛණ්ඩව සැපයිය යුතුය. > මංගල උත්සව නැවත දැනුම් දෙනතුරු පැවැත්වීමට අවසර නැත. විවාහ ලියාපදිංචි කිරීම් පමණක් ළඟම ඥාතීන් උපරිම 15 දෙනකුගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකිය. > අවමංගල්‍ය උත්සව (කොවිඩ් 19 ආසාදනය නොවූ මෘතදේහ සඳහා) මෘතදේහය රෝහලෙන් / මරණ පරීක්ෂක මුදා හැර පැය 24ක් ඇතුළත අමංගල්‍ය උත්සවය පැවැත්විය යුතුය. ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව, පැමිණෙන පුද්ගලයන් ප්‍රමාණය අවම කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් වරකට උපරිම පුද්ගලයන් 15කට සීමා කොට මෙය පැවැත්විය යුතුය. > පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථාන සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නැත. > බෝඩිං නිවාස ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව පූර්ණ ධාරිතාවයෙන් සිටිය හැකිය. කෙසේ වෙතත්, නව පුද්ගලයන්ට නවාතැන් ලබා නොදිය යුතුය. > අවන්හල් (පරිභෝජනය කරන) restaurant (dining in) ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ආසන ධාරිතාවෙන් උපරිම 25% පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් අතුළත් කර ගත හැක. සමූහ වශයෙන් ආහාර ගැනීම උපරිම පුද්ගලයන් 8 දෙනකුට පමණක් සීමා කළ යුතුය. > අවන්හල් (රැගෙන යන) Restaurant (take away/delivery) සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකි අතර DreAMවලට තරයේ අනුගතව කටයුතු කළ යුතුය. > මධ්‍යසාර අලෙවිසල් උදෑසන 10.00 සිට රාත්‍රී 6.00 දක්වා පමණක් විවෘතව තැබීමට අවසර ඇත. DreAMවලට තරයේ අනුගතව ක්‍රියාත්මක විය යුතුය. > හෝටල්, විවේකාගාර (Hotels, rest houses and guest houses) ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම 25% පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැක.

කළ නොහැකි දේවල්

වැඩමුළු / සම්මන්ත්‍රණ / සන්නාම දියත්කිරීම නැවත දැනුම්දෙනතුරු පැවැත්වීමට අවසර නැත. බන්ධනාගාර අමුත්තන්ට පැමිණීමට අවසර නැත. දිවාසුරැකුම් මධ්‍යස්ථාන නැවත දැනුම්දෙනතුරු වසා ඇත. පෙර පාසල් නැවත දැනුම්දෙනතුරු වසා ඇත. පාසල් නැවත දැනුම්දෙනතුරු වසා ඇත. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙනතුරු වසා ඇත. උපකාරක පන්ති නැවත දැනුම්දෙනතුරු වසා ඇත. උත්සව, සාද, එක්රැස්වීම් (ගෘහස්ථ / එළිමහන්) (නිවෙස් තුළ පැවැත්වෙන සුළු සාද ඇතුළුව) පැවැත්වීමට අවසර නැත. ව්‍යායාම ශාලා / ගෘහස්ථ ක්‍රීඩා ශාලා 2021 මැයි 31 දක්වා වසා ඇත. ඇවිදින මංතීරු ඇවිදීමට පමණක් විවෘත වන අතර මහජනයා එක්රැස්වීමට අවසර නැත. සිනමා ශාලා වසා ඇත. ළමා උද්‍යාන වසා ඇත. සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ තීර සාද වසා ඇත. පිහිනුම් තටාක වසා ඇත. වෙරළ මහජනයා එක්රැස් වීමට අවසර නැත. පබ් (pubs and bars) වසා ඇත. කැසිනෝ, රාත්‍රී සමාජශාලා වසා ඇත. ඔට්ටු මධ්‍යස්ථාන වසා ඇත. ස්පා (spa) වසා ඇත.
 

More News..