brand logo

මැයි 30 සහ 31 ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

28 May 2021

මැයි 30 සහ 31 දෙදින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබේ. සිල්ලර වෙළෙඳුන්ට සහ ජංගම වෙළෙඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති සමාලෝචන රැස්වීමේදී මේ බව තීරණය කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට නියමිතව තිබේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම බේකරි නිෂ්පාදන ආයතන ජංගම අලෙවි සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත. එසේම ඩිලිවරි සේවා පවත්වගෙන යාම සඳහා ලබාදී තිබු බලපත්‍රවල වලංගු කාලය ජූනි 7 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
 

More News..