brand logo

මැයි 11 වන දා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණක් විශ්වවිද්‍යාල ආරම්භ වෙයි

09 May 2020

එළඹෙන 11 වැනිදා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද අධ්‍යයන කටයුතු සිදු කිරීමක් හෝ නේවාසිකාගාර විවෘත කිරීමක් සිදුනොවන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විෂබීජහරණ කටයුතු සඳහා අනධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් පිරිසකට පමණක් එදිනට විශ්වවිද්‍යාල වෙත පැමිණීමට දැනුම් දී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන උපදෙස් මත කටයුතු කරන බවත්, ඒ අනුව ශිෂ්‍ය දුරස්ථභාවය පවත්වා ගත නොහැකි වන නිසා කිසිසේත් විශ්වවිද්‍යාල පැරණි ක්‍රමයට ආරම්භ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත් අමාත්‍යරවයා පැවසීය. මේ දිනවල අන්තර් ජාලය හරහා සරසවි සිසුන්ගේ ඉගැන්වීම් කටයුතු සිදුවන බවත් පැවසු අමාත්‍යරවයා, මේ පිළිබඳ හෙට දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් විසින් අන්තර් ජාලය තුළින් ඉගැන්වීම් කටයුතු සිදුකරන අයුරු දැනුම් දිමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.
 

More News..