brand logo

මැයි මාසයේදී මද්‍යසාර, බුලත්, දුම්කොළ මිල පහළට

24 June 2020

මද්‍යසාර පාන වර්ග සහ බුලත් දුම්කොළ මිල මැයි මාසයේදී පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. එමෙන්ම විනෝදාත්මක හා සංස්කෘතික උප කාණ්ඩයන්හි මිලද පසුගිය මාසයේ අඩුවී ඇත. කෙසේ වුවත් එළවළු, මාළු, පරිප්පු සහ පොල්තෙල් මිල ගණන්වල ඉහළ යාමක් මැයි මාසයේදී පෙන්නුම් කළ බවත් ලොකු ලූනු සහ පොල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගිය බවද මහ බැංකුව ප්‍රකාශ කර සිටී. තවද අප්‍රේල් මාසය හා සැසඳීමේදී සාමාන්‍ය මූලික උද්ධමනය මැයි මාසයේදී සියයට 4.8 දක්වා පහළ ගොස් ඇති අතර එය අප්‍රේල් මාසයේදී සියයට 5.0 කි.       අජිත් අලහකෝන්
 

More News..