brand logo

මැයි මස 5000 ගෙවන්න කෝටි 1600ක බැංකු ණය

22 May 2020

මැයි මාසයේ සමෘද්ධි ප්‍රතිලාභීන්, සමෘද්ධි පොරොත්තු ලේඛනවල සිටින ප්‍රතිලාභීන් සහ අනෙකුත් අය සඳහා රුපියල් 5000 ගෙවීම සඳහා රුපියල් කෝටි 1600ක් කෙටි කාලීන බැංකු ණයක් ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු අරමුදල වෙත මෙම ණය මුදල ලබා ගැනේ. ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ඇති සමෘද්ධි දෙපාර්තමේන්තුව සතු තැන්පතු සුරැකුම් ලෙස තබා ගනිමින් මෙම ණය මුදල සහ ඊට සුදුසු පොලිය තීරණය කිරීම සඳහා බැංකු සමග සාකච්ඡා කිරීමේ වගකීම මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට පවරා ඇත. ඊයේ ( 21 ) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේය. මැයි මස රුපියල් 5000 දීමනාව ගෙවීමට අවශ්‍ය අමතර මුදල් සමෘද්ධි අරමුදලෙන් ලබා ගැනීමට ඇති අපහසුව සහ භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන නොමැතිවීම මත මෙසේ කෙටි කාලීන ණයක් ලබා ගැනීමට අගමැතිවරයා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා කීවේය.   අජිත් අලහකෝන්  
 

More News..