brand logo

මැයි පළමුවැනිදා රැස්වීම් හෝ පෙළපාලි නෑ

20 April 2021

එළඹෙන මැයි පළවැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් සංවිධානය නොකිරීමට සියලු දේශපාලන නියෝජිතයින් එකගතාවකට පැමිණ තිබේ. අද පස්වරුවේ කොවිඩ් මර්දන කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී මෙලෙස එකගතාවකට පැමිණ ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මෙවර කම්කරු දිනය වෙනුවෙන් කිසිදු දේශපාලන රැස්වීමක් හෝ පෙළපාලියක් නොපැවැත්වෙනු ඇත.
 

More News..