brand logo

මැයි දක්වා උණුසුම

29 February 2020

මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වය මැයි මාසය දක්වාම පැවතිය හැකි බවත්ඉදිරි දිනවලදී  උණුසුම තවත් වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.

නිරිතදිග මෝසම ලැබෙන තුරුම උණුසුම් තත්ත්වය අඩු වැඩි වශයෙන් පවතින බවද ඔහු කීවේය. පරිසරයේ වියළි ස්වභාවය වැඩි වී ඇති බවත්ඉකුත් වසරේ (2019) අගෝස්තු සිට නොවැම්බර් වනතුරුම වැසි පැමිණියත්මේ වන විට වැව් සහ ජලාශවල ජල මට්ටම ක්‍රමයෙන් අඩුවී ඇත.

මෙරට භූමියේ භූගත ජල මට්ටම ක්‍රමයෙන් අඩුවී යන බවත්පොළොවට ජලය උරා ගැනීමේ ප්‍රතිශතය අඩුවී ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය. භූමිය කොන්ක්‍රීට් වීමත් සමග පොළොව මතුපිට ගලායන ජල ප්‍රමාණය අඩුවීම භූගත ජල මට්ටම අඩුවීමට හේතු වී තිබේ.

සාලිය කුමාර ගුණසේකර

 

More News..