brand logo

මැනිකේ මගේ හිතේ ලෝක වාර්තා අතරට යයි

12 September 2021

යොහානිගේ කවර් එකට සුද්දොත් නටන්න පටන් ගනී

අතිශය ජනප්‍රිය සතීශන්ගේ ‘මැණිකේ මගේ හිතේ..’ ‍ගීතයේ නවක ගායිකාවක වන යොහානි ද සිල්වා ගායනා කරන official cover song වීඩියෝව ආසියාවේ මෙන්ම බටහිර රසිකයන්ගේ ද ආකර්ෂණය දිනාගනිමින් මේ වනවිට යූටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා නව වාර්තාවක් තබා තිබේ. මෙරට ගීතයක් යූටියුබ්හි මාස 3කදී නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද සඳහන් වේ. එම ගීතය දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් ගායනා කර සමාජ මාධ්‍ය වෙත විඩියෝ මුදා හැර තිබේ. පසුගිය 2 වැනිදා වනවිට ගෙවුණු සති 4 තුළදීද එය යූටියුබ් හි වැඩියෙන්ම නැරඹූ සිංදු 5 අතරට මෙන්ම වැඩියෙන්ම නැරඹූ මියුසික් වීඩියෝ 5 අතරට ද පැමිණ තිබුණි.   යොහානිගේ කවර් එකට සුද්දොත් නටන්න පටන් ගනී   යොහානිගේ කවර් එකට සුද්දොත් නටන්න පටන් ගනී
 

More News..