මැති ඇමැති හඬපටත් එළියට
18 January 2020
මැති ඇමැති හඬපටත් එළියට
18 January 2020
රංජන් රාමනායක මන්ත්රීවරයාගේ දුරකථන හඬපට සිද්ධියේ මීළඟ අදියර ලෙස වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග පැවැත්වූ දුරකථන සංවාද ඇතුළත් හඬපට එළියට දැම්මේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තාවේ.
එක් එක් පාර්ශ්වයන් සමග රංජන් රාමනායක මන්ත්රීවරයා රහසිගතව පටිගත කරල ලද දුරකථන ඇමතුම් ලක්ෂ ගණනින් ඔහු විසින් වෙනත් ස්ථානයක සඟවා ඇති අතර වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග පවත්වන සංවාද ද ඇතුළත් බව සඳහන් වේ.
එසේ සඟවා ඇති දුරකථන සංවාද සමාජ ජාලා ඔස්සේ ප්රචාරය කිරීමට සැලසුම් කර ඇත.
දුරකථනය මගින් අධිකරණ විනිසුරුවරුන්ට කරන ලද බලපෑම් චෝදනාවලට පසුගිය දා අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා ලබන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඊට සම්බන්ධ බද්දේගම මහෙස්ත්රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම් කිරීමත් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය ගැන තීරණය ගැනීම ජනාධිපතිවරයාට යොමුකර ඇති බව අධිකරණ සේවා කොමිසම සඳහන් කළේය.
චමින්ද සේනාරත්න