brand logo

මැති ඇමති නිල නිවාසවල නිල දහන්ගැට

07 August 2019

හිටපු ඇමැතිවරුන් විසිදෙනකුට ආසන්න පිරිසක් ඔවුන්ට දුන් නිල නිවාස තවමත් ආපසු භාර නොදී බලහත්කාරයෙන් ඒවායේ රැඳී සිටිති. මේ නිසා අලුතෙන් පත්වී සිටින ඇමතිවරුන් විසිදෙනෙක් තමන්ට නිල නිවාස ලබාදෙන ලෙසට රාජ්‍ය පරිපාලන‚ ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමති රංජිත් මද්දුම බණ්ඩාර ඉල්ලීම් කර තිබේ. හිටපු ඇමතිවරු ඉවත් නොවීම නිසා එම නව ඇමතිවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇත. නිල නිවාස භාර නොදි තවමත් රැදි සිටින හිටපු මැති ඇමතිවරු වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් පා.ම. දයාසිරි ජයසේකර (ගේගරි පාර අංක C- 78),හෙතෙම අසනීප තත්ත්වයක් නිසා නිවසේ රැදි සිටින බව කියයි. පා.ම. දුමින්ද දිසානායක (ස්කෙල්ටන් මාවත අංක E 1), පා.ම. ආර්. සම්පන්දන් (ස්ටැමෝර් චන්ද්‍රවංකය B -12), ලසන්ත අලගියවන්න (විජේරාම මාවත 110-3), රංජිත් සියඹලාපිටිය (විජේරාම මාවත, 110-5), ටී.බී. ඒකනායක (විජේරාම මාවත 110-6), මහින්ද අමරවිර (ස්ටැමෝර් චන්ද්‍රවංකය B-63), එල්.ඒ.එම්. හිස්බුල්ලා (කැප්පෙටිපොළ මාවත -40), ෆයිසර් මුස්තාපා (කැප්පෙටිපොළ මාවත C-51),ඒ.එච්.එම්. පවුසි (බෞද්ධාලෝක මාවත C-76), එස්.බී. නාවින්න (ග්‍රෙගරි පාර, CD- 89), සුමේධා ජී. ජයසේන (ලෝරිස් පාර 6-2), ඩුලිප් විජේසේකර (ලෝරිස් පාර7-1), දුනේෂ් ගන්කන්ද (ලෝරිස් පාර 8-2) සහ චන්දිම වීරක්කොඩි (විජේරාම මාවත 110-2) යන මන්ත්‍රිවරුද ඒ අතර සිටිති. අප මේ සම්බන්ධයෙන් ඇමති රංජිත් මද්දුම බණ්ඩාර සම්බන්ධ කරගන්ට උත්සාහ ගත්ද නොහැකි විය. රාජ්‍ය පරිපාලන‚ ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් ජේ. ජේ රත්නසිරි කීවේ එපා එපා ඒ ගැන දමන එක හොද නෑ.අත ඇරලා දාන්න. ඇමතිතුමා අද මහජන හමුවක තමයි හිටියේ එතුමා ද දැන් සම්බන්ධ කර ගන්න නොහැකියි.ඇමතිතුමා පාර්ලිමේන්තුවට ගියා යැයි ලේකම් වරයා කීය. ඇමැතිවරයාගේ මාධ්‍ය නිලධාරි වරයා කීවේ ඇමති තුමා සම්බන්ධකර දෙන්නට ඉදිරියේ දී කටයුතු කරන බවයි. වගකිමක් ගන්නට නොහැකි මැති ඇමති ලේකම්වරු සිටින රටක නිල නිවාස වල කතාන්දරය හුදෙක් විසදන්නේ නිල නොලත් උත්තර දෙන තත්ත්වයක් පවති. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්න ද ඒ අමාරුව යැයි කියන කතාව මෙහි දී බලධාරින්ට මතක් කළ යුතුව ඇත. මහින්ද අමරවීර හිටපු ඇමතිවරයා ද නිල නිවසක දැනට පදිංචිව සිටියි. හෙතෙම පවසන්නේ හරි අපුරු කතාවකි. ( මට අරුණ පුවත් පතෙන් දිගින් දිගටම ගහනවා.  මෝදර ධීවර වරාය සම්බන්ධව සිදුවු බව කියන වැරැද්දක් සම්බන්ධයෙන් කියනවා. මම ධීවර ඇමති වෙලා සිටිය කාලයේ දි එහෙම දෙයක් සිදු වෙලා නෑ. දකුණු පලාතේ මහ ඇමති කමට මගේ සහෝදරයෙක් ගන්න කටයුතු කරනවා කියලා කියනවා. මමයි එජාප රහස් කතා කරනවා කියලා කීවා මම කරපු රහස් කතාවක් නෑ.) මට හිමි නිල නිවාසය මම අරගෙන තියෙන්නේ. නිල නිවසේ ජල හා වතුර බිල් ද මම ගෙවනවා.  මාදිවෙල මන්ත්‍රිවරුන්ගේ නිවාස සංකිරණයේ මන්ත්‍රි නිල නිවාස වලින් අපි ඉල්ලිමක් සිදු කර තියනවා නිවාස දෙන්න කියා. මම විතරක් නොවෙයි නිල නිවාස වල මේවන විට සිටින්නේ තවත් විශාල පිරිසක් සිටිනවා.එජනිස මහ ලේකම් මම ඒ නිසා මට හිමි නිල නිවාසයේ සිටිනවා. වරප්‍රසාදයක් ද තියනවා. මම නිල වාහන ද ගෙන තියනවා. නමුත් මම අරගෙන තියෙන් මට ලැබෙන දේවල් විතරයි. සමහර හිටපු ඇමතිවරු හේතුවක් නැතුවත් නිල නිවාස වල සිටිනවා. මහින්ද රාජපක්ෂත් නිල නිවාස නිල වාහන අරගෙන තියනවා යැය හෙතෙම කීය. නිමල් අල්ගේවත්ත
 

More News..