brand logo

මැතිව්ස් 9වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

18 December 2018

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට ක්‍රිකට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය මීට සුළු වේලාවකට පෙර වාර්තා කළා. ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට නොදැවී ලකුණු 106ක් ලබාගෙන සිටිනවා. කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළා. කුසල් මේ වන විට නොදැවී ලකුණු 11ක් ලබාගෙන සිටිනවා. ඉනිමක පරාජයෙන් බේරීම සදහා ලකුණු 296ක අභියෝගයක් භාරගනිමින් වෙලිංටන් පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් මේ වන විට කඩුළු 3ක් දැවී ලකුණු 242ක් රැස්කරගෙන පන්දුවට පහරදෙමින් සිටිනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුණු 282ක් රැස්කළා. අනතුරුව පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල ලකුණු 578ක් රැස්කර ගැනීමට සමත් වුණා. අද තරගයේ සිව්වැනි දිනයයි.
 

More News..