brand logo

මැතිව්ස් ටෙස්ට් දිවියේ 11වන ශතකය වාර්තා කරයි

22 January 2021

මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11වන ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබේ. මැතිව්ස්ගේ ශතකයට හතරේ පහර 10ක් ද ඇතුළත් වේ. ශ්‍රී ලංකා පිල මේ වන විට පළමු ඉනිම සදහා කඩුළු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගෙන සිටියි. නායක දිනේශ් චන්දිමාල් ලකුණු 52ක් රැස්කර ගත් අතර, ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ. පළමු ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 43ක් රැස්කර ගත් අතර ඊට හතරේ පහර 5ක් ද ඇතුළත් වේ. නිරෝෂන් දික්වැල්ල ලකුණු 11ක් ලබාගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටියි.
 

More News..