brand logo

මැතිවරණ රැස්වීම් කෝවිඩ් නතර කරයි-ගම්වල කුඩා රැස්වීම්වලට සීමා වෙයි

14 March 2020

කෝවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මහ මැතිවරණයේදී ප්‍රධාන දේශපාලන රැස්වීම් නොපැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. කුඩා රැස්වීම් සහ බිම් මට්ටමින් පවත්වන රැස්වීම් පමණක් පැවැත්වීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇත. එක්සත් ජාතික පක්ෂයද ප්‍රධාන දේශපාලන රැස්වීම නොපැවැත්වීමට තීරණය කර ඇත. පෝස්ටර් ඇලවීම නතර කර ඇති වකවානුවක කුඩා රැස්වීම් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයන්ට දැනුම් දීමට නියමිතය. මාධ්‍ය භාවිත කරමින් ප්‍රචාරක කටුයතු වැඩි වශයෙන් සිදු කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. සමගි ජන බලවේගය සිය ප්‍රචාරන කටයුතු ලබන 20 වැනිදා මහනුවරින් ආරම්භ කිරීමට තීරණය කර ඇත. එම පක්ෂය ප්‍රධාන දේශපාලන රැස්වීම් නතර කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ප්‍රධාන දේශපාලන රැස්වීම් නතර කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වන බවද වාර්තා වෙයි.   උදයජීව ඒකනායක
 

More News..