brand logo

මැතිවරණ මෙහෙයුම සඳහා එජාපෙ ගම්පහ දිස්ත‍්‍රික් සම නායකත්වය අර්ජුනට

27 October 2019

ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ විජග‍්‍රහණය තහවුරු කරමින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් සම නායකත්වයට ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත් කර ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙවර ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මහර ආසනයේ සම්බන්ධීකරණ කටයුතුවල ප‍්‍රධාන්තවයද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ලබා දී ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය සහ උපදෙස් සමගින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ විජයග‍්‍රහණයට දැවැන්ත මෙහෙයුමක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ දියත් කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.
 

More News..