brand logo

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 37 ක් අනුරාධපුරයෙන්

02 July 2020

මහ මැතිවරණයට අදාලව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 37 ක් වාර්තා වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකය භාර ප්‍රධාන සහකාර තේරීම්භාර නිලධාරී සන්ධ්‍යා අබේසේකර මහත්මිය පැවැසිය. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී නොමැති බවද ඇය පැවසුවාය.. ඉකුත් මාර්තු 12 වන දින ආරම්භ කළ අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයට එදින සිට ජුනි 23 වනදා දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 11 ක් වර්තා වී තිබිණි. එහෙත් ජුනි 24 වනදා සිට ජුනි 30 වනදා දක්වා සතියක කාලය තුල පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 26 ක් වාර්තා වී ඇත. එම නීති උල්ලංඝනය කිරීම් අතරට නීති විරෝධී පෝස්ටර් , බැනර් ,කටවුට්, ආදිය ප්‍රදර්ශනය කිරීම් හා අත් පත්‍රිකා බෙදා දීම් ආදිය වැඩි වශයෙන්ම අයත්ව තිබේ. එම පැමිණිලි සංඛ්‍යාව 15 කි. මීට අමතරව ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව දේශපාලන ප්‍රචාරණ සිදුකිරීම් , නීති විරෝධී දේශපාලන කාර්යාල පවත්වාගෙන යාම්, ඡන්ද දායකයින්ට සංග්‍රහ කිරීම් , නීතී විරෝධී උත්සව සංවිධානය කිරීම් ආදිය පිළිබඳවද පැමිණිලි කිහිපයක් ලැබී තිබේ. මේ අතර මන්ත්‍රීධුර අපේක්ෂකයින් විසින් රාජ්‍ය නිලධාරීන් කැඳවා භෝජන සංග්‍රහ පැවැත්වීමේ සිද්ධියක් ද වාර්තා වී ඇතැයිද ප්‍රධාන සහකාර තේරීම්භාර නිලධාරී සන්ධ්‍යා අබේසේකර මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය. පර්සි කුරුනේරු - අනුරාධපුර
 

More News..