brand logo

මැතිවරණ ගැසට්ටුව ගැන එ.ජා.ප. මතයත් උසාවියේ මතයමයි

03 June 2020

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය පිළිබඳ එක්සත් ජාතික පක්ෂය දැරූ මතය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුවෙන් සනාථ වන බව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (03වැනිදා) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළේ තම පක්ෂය ඒ කරුණ සම්බන්ධයෙන් වෙනත් මතයක සිටි නිසා යැයිද එක්සත් ජාතික පක්ෂ නායකයා පැවැසුවේය. එක්සත් ජාතික පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද ඒ කරුණු සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගෙනු කිරීමට ක්‍රියා කළේ නැතැයි ද රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය. හෙතෙම මේ කරුණු පෙන්වා දුන්නේ කොල්ලුපිටියේ සිය පෞද්ලික නිවෙසට ඊයේ (03) පෙරවරුවේ පැමිණ සිටි හිටපු මැති ඇමැතිවරුන් අමතමිනි. ඉහත කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ​ගොනු කිරීමට යන අවස්ථාවේ දී තමා එහි නීතිමය පසුබිම අධ්‍යයනය කළ බවද ඒ අනුව අදාළ පියවරට එළැඹීමට තීරණය නොකළ බවද හිටපු අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය. උදයජීව ඒකනායක / අජිත් අලහකෝන්
 

More News..