brand logo

මැතිවරණ කොමිසමේ ලොක්කෙක් ගෙදර වැඩට වාහන තුනක් අරන්

10 October 2020

මැතිවරණ කොමිෂන් සභාවේ ඇතැම් සාමාජිකයන් එම කොමිසමේ වාහන අසීමාන්තික ලෙස භාවිත කරනු ලැබුවත් එම කොමිසමේ පිහිටුවා තිබෙන විගණන අංශයේ අවධානයට යොමු වී නොමැති බව අනාවරණය වේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකුට මාසයකට රුපියල් විසි පන්දහසක ඉන්ධන දීමනාවක් ලබාදෙන අතර යම් ලෙසකින් සාමාජිකයකු පදිංචි නිවස කිලෝමීටර් 450 ඉක්මවන්නේ නම් රුපියල් පනස් දහසක ප්‍රවාහන දීමනාවක් ලබා දෙයි. මීට අමතරව කොමිෂන් සභාවේ ප්‍රධානියාට මාසයකට ඉන්ධන ලීටර් 225ක් නිකුත් කරනු ලබයි. මෙම සාමාජිකයන්ට කිසිදු විටෙක රජයේ වාහනයක් භාවිත කිරීමට හෝ යම් වාහනයක් භාවිත කිරීම වෙනුවෙන් වෙනත් දීමනාවක් ලබා ගැනීමට අවසරයක් නොමැති වුවද කොමිසමේ එක් අයකු විසින් නොනිල වශයෙන් වාහන තුනක් භාවිත කරන බව අනාවරණය වේ. මෙම වාහන තුන ඔහුගේ පවුලේ අයගේ අවශ්‍යතා සඳහා භාවිත කරන බවද පැවසේ. මෙම අවභාවිතාවන් පිළිබඳව රජයේ විගණන අංශවල අවධානය යොමු වී නොමැති අතර මේ නිසා මැතිවරණ කොමිෂන් සභාවට විශාල වැය බරක් දැරීමට සිදු වී ඇත. සාලිය කුමාර ගුණසේකර
 

More News..