brand logo

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කරනවා - අජිත්.පී.පෙරේරා

01 February 2019

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය තීරණය කර ඇති බවත් ඩිජිටල්කරණය කිරීමට මූලික සැලසුම් මේ වනවිටත් සකස්කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කරයි. මැතිවරණ කොමිසම ඩිජිටල්කරණය කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (31) දින පැවැත්වුණු බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල්කරණය කිරීමෙන් ඉදිරි මැතිවරණ කටයුතු පහසුවෙන් මෙන්ම කඩිනමින් කිරීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යාවරයා සඳහන් කළේය.
 

More News..