brand logo

මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව - ආරක්ෂක ලේකම්

17 April 2020

අපිට මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව ජිවත්වන එක තමයි අපිට වැදගත්- ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කිලිනොච්චියේදී පවසයි. කිලිනොච්චිය නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී කිලිනොච්චිය ආරක්ෂක අංශ සාමාජිකයින් හමුවීමේ වැඩසටහනකින් අනතුරුව අද(17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම එලෙස පැවසීය. එහිදි ආරක්ෂක ලේකම්වරයා පැවසූවේ අපිට මැතිවරණය නොවෙයි වැදගත් ,රාජ්‍ය නිළධාරීන්,යධ හමුදාව වශයෙන් අපිට වැදගත් වන්නේ අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව ජිවත්වන එක තමයි යනුවෙනි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..