brand logo

රැකියා ලක්ෂයේ වැඩසටහන යළි ක්‍රියාත්මක කරනවා

24 July 2020

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂය ලබා දීමේ වැඩසටහන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය සේරුවිල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි. ජනාධිපතිවරයාගේ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මත තාවකාලිකව නතර කරන්න සිදුවූ නමුත් මෙම මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂය ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල අනුව ජාතිභේදයක් නැතිව රට සංවර්ධනය කිරීමට කැපවන පිරිසක් අද රටට අත්‍යාවශ්‍ය ව ඇති බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.... ඉදිරියේදී බිහිවන පොදුජන පෙරමුණු ආණ්ඩුව යටතේ කෘෂිකර්මාන්තය නඟා සිටුවන්න විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට හඳුන්වා දෙනවා. ගොවි විශ්‍රාම වැටුප්, ගොවි රක්ෂණාවර්ණ තව දුරටත් ශක්තිමත් කරනවා. තිරිකුණාමල කියන්නේ මේ රටේ කිරි අවශ්‍යතාවෙන් 70%-80%ක් සපුරා ගන්න පුළුවන් දිස්ත්‍රික්කයක්. නිසා පළාතේ කිරි නිෂ්පාදනය නඟා සිටුවන්න නවීන තාක්ෂණය වගේම නව තණභූමි වෙන්කිරීමටත් වැඩපිළිවෙළක් සූදානම්. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සඳහා කඩිනමින් නව ආයෝජකයෙක් සොයා ගන්නවා. එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යවසාය යටතේ එය ඉදිරියට පවත්වා ගෙන යන්නත් අපි කටයුතු කරනවා.
 

More News..