brand logo

මැතිවරණයට යොදාගත් ඡන්ද මධ්‍යස්ථාන සියල්ල විෂබීජහරණයට

08 August 2020

මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් පාසල් විෂබීජහරණයට පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පාසල් 45 ක් , තාක්ෂණ විද්‍යාල ඇතුළු රජයේ ආයතන 21 ක් ද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගත් බවයි. එම ස්ථාන සියල්ලම විෂබිජහරණය කිරීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධිකෂණය යටතේ ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ මැදිහත් වීමෙන් එම කටයුතු සිදුකර ඇත.
 

More News..