brand logo

මැතිවරණයට පී.එච්.අයි.ලා 2870 ක් සූදානම්

04 August 2020

මෙවර මහ මැතිවරණයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදහස් අටසිය හැත්තෑවක් පමණ දෙනා ක්ෂේත්‍ර රාජකාරියේ නිරත වන බවත් සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය ආරක්ෂා කරන බවත් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි. පාර්ලිමේන්තු මැතිවරණයේදී කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීම පිළිබඳ පැහැදිලි කරමින් ඊයේ (3 දා) හෙතෙම මේ බව සඳහන් කළේය. ‘‘මැතිවරණයේදී කොවිඩ් - 19 ට අදාළ සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කරවීම මෙවර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සිදුකරනවා. සෑම ඡන්ද මධ්‍යස්ථානයකම දුරස්ථභාවය, අත් සේදීම, විෂබීජහරණය, මුඛ ආවරණය ආදිය පිළිබඳ කටයුතු නිරන්තර අධීක්ෂණය කෙරෙනවා. මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු ලෙස සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම විෂබීජහරණය. දුමායනය, ඩෙංගු මර්දන ආදිය සිදුකරනවා. රටපුරා තිබෙන දාහතර දහසකට අධික ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි සෑම කොට්ඨාසයකම සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථානයේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ කටයුතු සොයා බලනවා.   සෝමරත්න පොද්දෙණිය
 

More News..