brand logo

මැතිවරණයකදී වැඩි ජය පො.ජ.පෙට බව බුද්ධි අංශ කියයි

24 November 2018

මහමැතිවරණයක් පැවැතියහොත් උතුරු සහ නැගෙනහිර හැර රටේ සෙසු දිස්ත්‍රික්කවල බහුතර බලය පොදුජන පෙරමුණට හිමි වන බවට බුද්ධි අංශ සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබේ. එහෙත් එම සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ඇති බවයි. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඇතැම් දිස්ත්‍රික්කවලින් සියයට 55%-70%ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකිවන බවද වාර්තා කර තිබේ. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ බහුතරයක් ආසන එක්සත් ජාතික පෙරමුණට වැඩි වාසිදායක තත්ත්වයක් ඇති නිසා සමස්ත දිස්ත්‍රික්ක ප්‍රතිඵලයට එය බලපාන බව ද සඳහන් වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසිසහගත තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීම මත එම පක්ෂවල ඇතැම් අපේක්ෂක අපේක්ෂකයන්ට තරග වැදීමට නොහැකි වන නිසාය. මීට අමතරව දෙමළ ජාතික පක්ෂයට ද මහමැතිවරණයකදී ඡන්ද ප්‍රතිශතයට බලපෑමක් එල්ල විය හැකි බවද හෙළිව ඇත. උතුරු පළාත් හිටපු මහඇමැති සී.වී. විග්නේෂ්වරන් වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වුවහොත් එහි අවාසිය දෙමළ ජාතික සංවිධානයට බලපාන බව සඳහන් වෙයි.
 

More News..