brand logo

මැණික්හින්න ප්‍රදේශයේ කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් තරුණයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට

08 February 2020

දිගන, මැණික්හින්න මාර්ගයේ මල්පාන ප්‍රදේශයේදි අද (08) අළුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අද අළුයම 1.35ට පමණ මෙම රිය අනතුර සිදුවූ බවයි. කැබ් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගල්ගොඩක ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය. අනතුරින් වයස අවුරුදු 17ත් 19ත් අතර පසුවන ත්‍රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්‍රදේශවල පදිංචි තරුණයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව සදහන්.
 

More News..