brand logo

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

06 April 2020

ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික තරුණයා කොළඹ වරායට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ. මෙම නෞකාවේ රැදී සිටි අදාල තරුණයා කොළඹ වරායේදී තමා ලංකාවට භාරගැනිමට පියවර ගන්නා ලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කරමින් රජයේ බලධාරින්ගෙන් කළ ඉල්ලීමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත. විෂබීජ හරණ ක්‍රියාවලියකට ලක් කිරිමෙන් අනතුරුව ඔහු දින 21ක නිරෝධායන කාලසීමාවක් සදහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.
 

More News..